හැරී කුමරුගේ පොත ලෝක වාර්තාවන් අතරට

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ ජීවිත මතක සටහන් සහිත spare  ග්‍රන්ථය ලොව වැඩිම වේගයෙන් අළෙවි වූ ග්‍රන්ථය ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇත.

පසුගිය 10 වැනි දින වෙළෙඳපොළට නිකුත් වූ මෙම පොත පළමු දිනය තුළ එක්සත් රාජධානිය, ඇමරිකාව, කැනඩාව යන රටවල පමණක් එහි පිටපත් ලක්‍ෂ 14 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබිණි.

මෙම ලෝක වාර්තාවට මෙයට පෙර හිමිකම් කියන ලද්දේ ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ලියන ලද ග්‍රන්ථයක් විසිනි.

Spare ග්‍රන්ථය ලොව පුරා භාෂා 15 කින් පමණ ප්‍රකාශයට පත්ව ඇත. එය ප්‍රකාශයට පත් කරන ලද්දේ සුප්‍රකට ප්‍රකාශන ආයතනයක් වන Penguin Random House ය. පළමු දිනය තුළම එහි පිටපත් 887,000කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි වූ බවයි වාර්තා වන්නේ .

ඇෆ්ගනිස්තාන යුද්ධයේ දී තමා තලේබාන් සාමාජිකයන් 25 දෙනෙකු ඝාතනය කළ බවට හැරී කුමරු කර ඇති සඳහනක් මේ වන විට දැඩි අවධානයක් දිනා ඇති කරුණක් වන අතර Spare ග්‍රන්ථයේ අඩංගු ඇතැම් කාරණා මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ.

මෙහි සඳහන්  කාරණය සම්බන්ධයෙන්  මාධ්‍ය වැරදි අදහසක් ඇති වන ආකාරයෙන් වාර්තා කිරීම නිසා තමාගේ සහ තම පවුලේ අයගේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව  ද හැරී කුමරු තවදුරටත්  පවසා සිටියි.

Spare ග්‍රන්ථය ඇමරිකාව තුළ මිල කර ඇත්තේ ඩොලර් 36 කට ය.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »