ඉදිරි වසර 05 තුළදී ඔස්ටේ්‍රලියාවට වඩාත්ම සේවකයන් අවශ්‍ය වෘත්තීන් 10 ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම වෘත්තීන් සඳහා ප්‍රමාණවත් පරිදි සේවකයන් බඳවා නොගතහොත් ඉදිරියේදී ඔස්ටේ්‍රලියාවට දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
මෙම ලැයිස්තුවට අනුව වැඩිම හිගයක් ඇති වෘත්තීන් අතර පෙරමුණේ පසුවන්නේ ඉදි කිරීම් කළමණාකරුවන් වන අතර – සිවිල් ඉංජිනේරුවන් – Early childhood ගුරුවරුන් සහ ලියාපදිංචි හෙදියන්ද ඊට අයත්.
තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් – මෘදුකාංග ශිල්පීන් – විදුලි කාර්මිකයන් – කෝකියන් – Child care සේවකයන් සහ Age care සේවකයන් අනෙක් වෘත්තීන් අතර වනවා.
වත්මන් ලේබර් රජයේ Skilled වීසා වැඩසටහන හමුවේ මෙම රැකියා හිගයන් සැළකිය යුතු මට්ටමකට අඩුවනු ඇති බවටද අනාවැකි පළවනවා.
- Construction managers
- Civil engineering professionals
- Early childhood teachers
- Registered nurses
- ICT (information and communications technology) business and systems analysts
- Software and applications programmers
- Electricians
- Chefs
- Child carers
- Age and disability carers