LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති දැන් සජීවීව

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • අද සිට ලබන බදාදා දක්වා කාලය තුළ මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා පවතිනු ඇති බවට කාළගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළකරනවා.
  • 2025 වසර වනවිට රජයේ සියලූ සේවා කටයුතු ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාමට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
  • ඉදිරි වසර 05 තුළදී ඔස්ටේ්‍රලියාවට වඩාත්ම සේවකයන් අවශ්‍ය වෘත්තීන් 10 ප්‍රකාශයට පත් කර තිබෙනවා.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරු වෛද්‍ය සේවා කාර්ය මණ්ඩලය අතුරින් සියයට 74 ක් පමණ සේවය අතහැර යාමට කැමැත්තෙන් පසුවන බව නවතම අධ්‍යයකයකදී අනාවරණ වී තිබෙනවා.

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »