ක්වීන්ස්ලන්ඩ් ප්‍රචණ්ඩ සිදුවීම්වලට සම්බන්ධ බාල වයස්කරුවන්ට දඩුවම් දැඩි කෙරේ

Annastacia Palaszczuk

ප්‍රචණ්ඩ සිදුවීම්වලට සම්බන්ධ බාල වයස්කරුවන්ට පණවා ඇති දඩුවම් දැඩි කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇප දීමේ ක්‍රියාවලියේදී ඔහු හෝ ඇයගේ පෙර වැරදි පිළිබඳවද ගැඹුරින් සළකා බැලීමට නියමිතයි.

රථ වාහන සොරකම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට දැනට බලාත්මත වසර 07 ක සිර දඩුවම් කාලය මේ අනුව වසර 10 දක්වා ඉහළ නැංවනු ඇති.

රාත්‍රී කාලයක සිදුකරන වරදක් නම් හෝ අවි ආයුධ භාවිත කර ඇති නම් උපරිම සිර දඩුවම් කාලය වසර 14 දක්වා ඉහළ දමා තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි වරදවල් සඳහා අනුබල දෙන පුද්ගලයන්ටද දඩුවම් ඉහළ දමා තිබීම විශේෂත්වයක්.

තරුණ වරදකරුවන් පුනුරුත්ථාපනය සඳහා නව මධ්‍යස්ථාන 02 ක් ද ඉදි කිරිමට නියමිත බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනිය කියාසිටියේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »