මෙල්බන් අධිවේගී මාර්ග කිහිපයක දැඩි තදබද ඉදිරි දිනවලදීත්

මෙල්බන් අධිවේගී මාර්ග කිහිපයක ඉදිරි දිනවලදීත් දැඩි තදබද අපේක්ෂා කෙරෙන බවට අනතුරු ඇගවෙනවා.

West Gate Freeway හි අද සැළකිය යුතු කාලයක් පැය 03 කට ආසන්න රථවාහන තදබදයක් පැවති බව සඳහන්.

මාර්ග නඩත්තු හමුවේ ඇතැම් මං තීරු වසා දමා තිබීමයි මීට ප්‍රධාන හේතුව වන්නේ.

මේ අතර මෙම මාර්ග වසා දැමීම් පිළිබඳ Google Maps හරහා යාවත්කාලීන වී නොමැති බවටයි රියදුරන් චෝදනා කර සිටින්නේ.

West Gate bridge හි පිටතට ගමන් කරන මං තීරු 05 න් 04 ක් ම මේ වනවිට නඩත්තු කටයුතු සඳහා වසා දමා ඇති අතර ඒවා යළි විවෘත කෙරෙන්නේ ලබන 04 වනදා අලුයම 06 ටයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »