පර්ත් විනෝද කලාප තුළ කළහකාරීන්ට දැඩි නීති

බටහිර ඔස්ටේ්‍රලියාවේ විනෝදාස්වාද කලාප තුළ කළහකාරීව හැසිරෙන පුද්ගලයන්ට බලාත්මක නීති දැඩි කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඒ අනුව Northbridge and the Perth CBD, Fremantle, Scarborough, Hillarys, Mandurah යන ප්‍රදේශ ආවරණය වන පරිදි නව ආරක්ෂිත කලාප 05 ක් ස්ථාපිත කිරීමට නියමිතයි.

මෙම කලාප තුළ කළහකාරීව හැසිරෙන පුද්ගලයන්ට වසර 05 ක උපරිමයකට යටත්වන ප්‍රවේශ තහනම් පැණවීමටයි යෝජනා වී ඇත්තේ.

එමෙන්ම එවැනි පුද්ගලයන් ඉවත් කිරීමට පොලිසියට අමතර බලතල හිමිවීමද විශේෂත්වයක්.

දැනට මෙම නව රෙගුලාසි සකස් කෙරෙමින් පවතින අතර ඉදිරියේදී ප්‍රාන්ත සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටයි නියමිත වන්නේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »