Search

ඔස්ටේ්‍රලියාවේ ඉහළම වැටුප් ලබන රැකියා සහ ප්‍රාන්ත හෙළිකෙරේ

ඔස්ටේ්‍රලියානු ශ්‍රමිකයින්ට ගෙවනු ලබන වැටුප් පිළිබඳ නවතම සමීක්ෂණයක තොරතුරු හෙළිකර තිබෙනවා.

මෙරට වැඩිම වැටුප් වර්ධනයක් සිදුවී ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තයේ වන අතර එය 6.2% ක්.

Northern Territory දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සියයට 6.1% ක වැටුප් වර්ධනයක් සමගිනුයි.

මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට 5.5% ක වැටුප් වර්ධනයක් ලබා ක්වීන්ස්ලන්ඩ් පත්ව සිටින අතර 4.5% ක් ලැබූ බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්තය සිව්වන ස්ථානයට පත්වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ වැටුප් වර්ධනය 3.6% ක් ලෙසද නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල 3.5% බැගින්ද ACT හි 1.3% ක් ලෙසද වැටුප් වැඩිවී ඇති සඳහන්.

රැකියා ක්ෂේත්‍ර අනුව ඉහළම වැටුප් වැඩිවීමක් සිදුව ඇත්තේ Trades & Services අංශයේයි.

රජයේ රැකියාවල සහ ප්‍රචාරණ හා මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල අඩුවෙන්ම වැටුප් වැඩිවී ඇති බවද අනාවරණය වී තිබෙනවා.

සෞඛ්‍ය සහ වෛද්‍ය, නීති, මුල්‍ය සහ පතල් ක්ෂේත්‍රවල රැකියා ඔස්ටේ්‍රලියාවේ ඉහළම ආදායම් ලබන රැකියා 10 අතරට පැමිණ තිබෙනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »