සිඩ්නි දුම්රිය වර්ජන නවතී – නොමිළයේ ගමන් අවසන්

ඉදිරි සති කිහිපය තුළදී සිඩ්නි නගරයේ දුම්රිය මාර්ග පද්ධතිය ආශ්‍රිතව සැළසුම් කර තිබූ සියලුම වර්ජන අත්හිටුවා තිබෙනවා.

ඒ දුම්රිය වෘත්තිය සමිති සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අතර අද ඇති කරගත් එකගතාවයක් අනුවයි.

මේ අනුව නොමිළයේ දුම්රිය ගමන්වල යාමට ඇතුලු වෘත්තිය ක්‍රියාමාර්ග හමුවේ අත්වු ප්‍රතිලාභද දුම්රිය මගීන්ට අහිමිවනවා.

ලබන සතියේදී සැළසුම්කල දැවැන්ත වැඩ වර්ජනයද අත්හිටුවීමටයි වෘත්තිය සමිති තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් සේවක හිගය විසඳාලීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ ප්‍රාන්ත රජය අතර තවමත් අවසන් එකගතාවයකට පැමිණ නැහැ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »