Search

ඔස්ටේ්‍රලියාව පුරා ජනප්‍රිය ඇල්කොහොල් පානයක් නැවත කැඳවයි

ඔස්ටේ්‍රලියාව පුරා අලෙවි කරන ජනප්‍රිය ඇල්කොහොල් පානයක් (Moon Dog Brewery Seltzer) නැවත කැඳවා තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ අදාළ වර්ගයේ නියමිත ඇල්කොහොල් ප්‍රතිශතය ඉක්මවා අඩංගුවීම හේතුවෙන් රෝගාතුර වීම අවධානමයි.

Liquorland, First Choice Liquor Market සහ Vintage Cellars stores යන අලෙවිසැල්වලදීයි අලෙවි කෙරෙන්නේ.

2023 වසරේ අගෝස්තු 01, 02 සහ 30 යන දිනවලදි කල් ඉකුත්වීමේ දින සහිතව වෙළඳපොළට නිකුත් කර ඇති Seltzer ඇල්කොහොල් පානය මෙලෙස යළි කැඳවා තිබෙනවා.

දැනටමත් මිළදී ගෙන ඇති ඒවා පවතීනම් මුදල් ආපසු ලබාගැනීමටද හැකියාව පවතිනවා.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »