ඔස්ටේ්‍රලියාවේ වැඩිම කොවිඩ් මරණ වික්ටෝරියා ප්‍රාන්තයෙන් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවේ වැඩිම කොවිඩ් මරණ වික්ටෝරියා ප්‍රාන්තයෙන්

ඔස්ටේ්‍රලියාවේ වැඩිම කොවිඩ් මරණ වික්ටෝරියා ප්‍රාන්තයෙන්

ඔස්ටේ්‍රලියාවේදී සිදුවූ කොවිඩ් මරණ සංම්බන්ධයෙන් සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් නවතම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම වසරේ ඔක්තෝබර් 31 වනදා දක්වා කාලය තුළ මෙරටදී සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13,021 ක් වන අතර ඉන් 10,620 කටම ප්‍රධාන හේතුව වී ඇත්තේ කොවිඩ් ආසාධනයයි.

අනෙක් මරණ 2,401 සඳහා බලපා ඇත්තේ පිළිකා සහ වෙනත් අතුරු ආබාධ හමුවේ කොවිඩ් සංකූලතා උත්සන්නවීමයි.

මෙම මරණ 10,620 අතුරින් වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර එය 3,930 ක්.

Northern Territory ප්‍රාන්තයෙන් අඩුම කොවිඩ් මරණ සටහන් වන්නේ 37 ක් ලෙසයි.

ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 459,207 ක් ලෙසයි.

Number and proportion of COVID-19 deaths by state of registration (a)(b)(c)(d)(e)
COVID-19 deaths (no.) Proportion of total COVID-19 deaths (%)
NSW 3,810 35.9
Vic 3,930 37.0
Qld 1,473 13.9
SA 605 5.7
WA 453 4.3
Tas 166 1.6
NT 37 0.3
ACT 146 1.4
Aus 10,620 100.0

(ABS)

COMMENTS