සැළසුම් කර ඇති වර්ජනය වහා අත්හිටුවන ලෙස බටහිර ඔස්ටේරලියාවේ කාර්මික විනිසුරු මණ්ඩලය විසින් හෙද සංගම් වෙත දැනුම් දී තිබෙනවා.
සියයට 05 ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා හෙට දිනයේදී සංවිධාන කර ඇති වර්ජනය පිළිබඳ අදහස් දක්වමිනුයි ඔවුන් මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ.
සැලකිය යුතු කාලයකට පෙර දැනුම් නොදීම සහ බටහිර ඔස්ටේරලියා ප්‍රාන්ත රෝගීන් අපහසුතාවයට පත්වන බව සැළකිල්ලට ගෙන එය අත්හිටුවන ලෙසට දැනුම්දීමටයි බටහිර ඔස්ටේරලියාවේ කාර්මික විනිසුරු මණ්ඩලය නියම කර ඇත්තේ.
බටහිර ඔස්ටේරිලියා ප්‍රාන්ත රජය විසින් සියයට 03 ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකග වී තිබියදීයි හෙදියන් විසින් සියයට 05 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා හෙට වර්ජනයක නිරතවීමට පියයවර ගනිමින් සිටින්නේ.