ඉදිරි සති කිහිපයේදී ග්‍රීෂ්ම සෘතුව එළැඹීමත් සමග දැඩි පානීය ජල හිගයකට මුහුණදීමට සිදුවනු ඇති බවට සිඩ්නි නගරවාසීන්ට අනතුරු ඇගවෙනවා.
සති ගණනක් ජල ගැලීම් සහ අධික වර්ෂා කාළගුණයක් පැවතියද බීමට සුදුසු මට්ටමේ ජලය ප්‍රමාණවත් නොවීම ඊට හේතුවයි.
අදාළ ජලාශවල පවතින ජලය ඉතා අපිරිසිදු මට්ටමේ පවතින අතර අවස්ථා කිහිපයකදී පිරිපහදුකරණයට ලක් කලද බීමට සුදුසු නොවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
Warragamba ජලාශයේ පවතින ජලයෙන් බීමට සුදුසු මට්ටමේ පවතින්නේ සියයට 5 – 10 ත් අතර ප්‍රමාණයක් පමණක් බවටයි සැළකෙන්නේ.
පසුගිය අප්‍රේල් මාසයේදී සිඩ්නි නගරයේ නිවසක සාමාන්‍ය ජල පරිභෝජනය ලීටර් 64 ක් ලෙස පැවති අතර ජූනි මාසයේදී එය ලීටර් 69 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.