බ්‍රිස්බන් LED තිරයක අසභ්‍ය දර්ශන

සයිබර් ප්‍රහාරකයන් විසින් බ්‍රිස්බන් නගරයේ ඩිජිටල් LED තිරයක් මත අසභ්‍ය දර්ශන ප්‍රචාරය කරවා තිබෙනවා.

ඊයේ දිනයේදී විනාඩි 03 1/2 කට ආසන්න කාලයක් මෙය සිදුවී ඇති බව සඳහන්.

බ්‍රිස්බන් නුවර මිල්ටන් පාරේ පිහිටා ඇති ඩිජිටල් LED තිරය ක්‍රියාකරවන සමාගමේ දත්ත පද්ධතියට අනවසරයෙන් පිවිසුණු සයිබර් ප්‍රහාරකයන් කණ්ඩායමක් විසිනුයි මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ.

සිද්ධිය වාර්තා වූ වහා අදාළ සමාගම විසින් අදාළ අසභ්‍ය දර්ශන ප්‍රචාරය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවයි එම ඩිජිටල් තිරය අයත් Goa සමාගම නිවේදනය කලේ.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »