Deliveroo ඔස්ටේ්‍රලියාව හැර යයි

ඔස්ටේ්‍රලියාව තුළ ජනප්‍රිය ආහාර බෙදා හැරීම් සේවාවක් වන Deliveroo සිය මෙහෙයුම් කටයුතු නතර කිරීමට තීරණය කර තිබෙනවා.

එමගින් 15,000 කට ආසන්න බෙදා හරින්නන්ට – අවන්හල් සහ පාරිභෝගිකයන්ට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව සඳහන්.

බ්‍රිතානයේ මව් සමාගම ස්ථාපිත Deliveroo, 2015 වසරේ සිට ඔස්ටේ්‍රලියාව තුළ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

කෙසේවෙතත් මූල්‍යමය කරුණු මත ඔස්ටේ්‍රලියාව තුළ මෙහෙයුම් අත්හිටුවීමට සිදුවී ඇති බවයි ඔවුන් අද නිවේදනය කර සිටියේ.

Uber Eats ට පෙර ඔස්ටේ්‍රලියාව තුළ සේවා ආරම්භ කලද Uber Eats පැමිණිමත් සමග Deliveroo සේවා සඳහා අභියෝගයක් එල්ල වී තිබුණා.

ජර්මනිය – ස්පාඤ්ඤය – නෙදර්ලන්තය යන රටවල සිය සේවා අත්හිටුවීමටද ඔවුන් මීට පෙර පියවර ගෙන තිබුණා.