ඉවංකා ට්‍රම්ප්ගෙන් ඈත්වෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුව වන ඉවංකා ට්‍රම්ප් ඔහුගේ දේශපාලන කටයුතුවලින් ඉවත්වී තිබෙනවා.

තමා 2024 වසරේ පැවැත්වෙන අමෙරිකා ජනාධිපතිවරණයටද තරග වදින බව හිටපු ජනාධිපතිවරයා මීට පැය කිහිපයකට පෙර නිවේදනය කරනු ලැබුවා.

එහෙත් එම අවස්ථාවට ඉවංකා ට්‍රම්ප් හෝ ඇයගේ ස්වාමි පුරුෂයා වන ජෙරාඩ් කුෂ්නර් සහභාගී වී සිටියේ නැහැ.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපතිවරයා ලෙපස කටයුතු කල සමයේ ඔහුගේ ප්‍රධාන උපදේශකයන් දෙදෙනා ලෙසද කටයුතු කලේ ඔවුන් දෙදෙනා වීම විශේෂත්වයක්.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඉවංකා ට්‍රම්ප් විසින් නිවේදනයක්ද නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ තමා තවදුරටත් දේශපාලන කටයුතුවල නිරත නොවන අතර පුද්ගලික ජීවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.