පුරුෂයන් යොදා ගැබ්ගැනීම වළක්වන අධ්‍යයනයක් මෙල්බන් නුවරදී

පුරුෂයන් යොදාගනිමින් ගැබ්ගැනීම වළක්වන ලොව පළමු එන්නත්කරණ අධ්‍යයනය මෙල්බන් නුවරදී ආරම්භ කර තිබෙනවා.

පුරුෂයන් 25 දෙනෙකු යොදාගෙන එය සිදුකරනු ලබන්නේ East Melbourne හි Epworth Freemasons Hospital හිදීයි.

මෙම පරීක්ෂණය සඳහා ගතවන්නේ විනාඩි 10 කට ආසන්න කාලයක් පමණක් වන අතර වසර 02 කට ආසන්න කාලයක් සරුභාවය ආරක්ෂිතව පවත්වාගෙන යමින් ගැබ්ගැනීම් වළක්වාලීමට ඔවුන්ට අවස්ථාව පවතිනවා.

ජෙල් විශේෂයක් යොදාගනිමින් ශුක්‍රාණුවල ගමන වළක්වාලීමයි මෙහිදී සිදුවන්නේ.

කිසියම් අයුරකින් මෙය සාර්ථක වුවහොත් ලොව පුරා පුරුෂයන්ට වැදගත් පණිවුඩක් වනු ඇති බවටද අනාවැකි පළවනවා.

https://www.abc.net.au/news/2022-11-11/male-contraceptive-implant-trial-melbourne-epworth/101642056

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »