Search

කොරියාවේදී මියගියේ ඉගෙන ගන්න ගිහින් සරණාගත වීසා මත සිටි ලාංකිකයෙක්

දකුණු කොරියාවේ උත්සවයකදී සිදුවූ හදිසි තත්වයක් හේතුවෙන් මියගිය ශ්‍රී ලාංකිකයා අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වූවෙකි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඉටාවොන් නගරයේ පැවතී හැලොවින් උත්සවය අතරතුර ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගිය අය අතර එක් ශ්‍රීලාංකිකයෙකු සිටී.

එම පුද්ගලයා රැකියාවක් සඳහා  විදේශ ගතවූ අයෙකු නොවන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවූ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බව  බව ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශය ඒ මොහොතේම දකුණු කොරියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සම්බන්ධවී මේ පිළිබඳ සොයා බලන ලදී.

තානාපති කාර්යාලයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව මිය ගිය පුද්ගලයා සරණාගත විසා මත එරට රැඳී  සිටි අයෙකි.

මියගිය සහ තුවාල ලැබූවන්  අතර ඉහත සඳහන් පුද්ගලයා හැර වෙනත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු  සිටින බවට මේදක්වා තොරතුරු වාර්තා නොවේ .

මේ පිලිබඳ සවිස්තර  වාර්තාවක් දකුණු කොරියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයෙන් ඉදිරියේදී නිකුත්  කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »