දෙසැම්බර් මාසයේදී COVID වියදම් සඳහා ප්‍රාන්ත සමඟ 50-50 වියදම් බෙදාගැනීමේ විධිවිධානය අවසන් කිරීමට කම්කරු රජය ගත් තීරණය ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ (AMA) විවේචනයට ලක්ව ඇත.
එය රෝහල්වලට විනාශකාරී බලපෑමක් ඇති කරන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පැවසීය.
අනිවාර්ය ස්වයං නිරෝධායනය ඔක්තෝබර් 14 දිනෙන් අවසන් වුවද COVID-19 රෝගීන් අඩු වී ඇති බව ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.
ෆෙඩරල් අයවැයෙන් COVID-19 සඳහා ප්‍රතිචාරය ලෙස මධ්‍යම රජය ඩොලර් බිලියන 2.6ක් කැප කර ඇත.
එම අරමුදල් ප්‍රධාන වශයෙන් එන්නත් සහ පුද්ගලික ආරක්ෂක උපකරණ සැපයීම සඳහා වේ.
(SBS)