දකුණු කොරියා ඛේදවාචකයෙන් ලාංකිකයෙකුත් මරුට

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේදී සිදු වූ අනතුරෙන් මියගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බවට තහවුරු වී තිබෙනවා.

විදේශ අමාත්‍යංශය සඳහන් කලේ මහනුවර පදිංචි 27 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

එමෙන්ම තවදුරටත් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති අංශ සමග සමීපව සොයාබලමින් අවශ්‍ය කටයුතු සිදු කරන බවයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් 151 දෙනෙකු මියගොස් තවත් 82 දෙනෙකු තුවාල ලැබුවා.

මියගිය පිරිසට විදේශිකයන් 19 දෙනෙකු අයත්.

ඒ අතර ඉරාන, නෝර්වේ, චීන සහ උස්බෙකිස්තාන ජාතිකයන් ද සිටින බව සඳහන්.

මේ අතර මියගිය සහ තුවාල ලැබූ පිරිස් වෙනුවෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් විසින් ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »