Search

ලබන සතියේදී ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ $ 02 ඉක්මවන ළකුණු

ලබන සතියේදී ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් ලීටරයක මිළ ශත 40 කින් පමණ ඉහළ යනු ඇති බවට වෙළඳපොළ ආරංචි මාර්ග අනාවැකි පළකරනවා.

ඒ අනුව ලීටරයක නව මිළ ඩොලර් 2.14 ක් පමණ දක්වා ඉහළ යාමට නියමිතයි.

දැනට ඔස්ටේ්‍රලියාවේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිළ සටහන් වන්නේ ඩොලර් 1.76 ක් ලෙසයි.

එය මෙල්බන් නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිළ ඩොලර් 1.82 ක් වන අතර සිඩ්නි නගරයේ ඩොලර් 1.76 ක් පමණ වනවා.

ඉන්ධන බදු සහනය පසුගිය සැප්තැම්බර් 30 වනදා සිට ඉවත් කෙරුණද මේ දක්වා ඉන්ධන මිළෙහි සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කෙරුණේ නැහැ.

කෙසේවෙතත් උද්ධමනය සියයට 07 ඉක්මවා ගිය බවට සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවත් සමග ලබන සතයේ සිට ඉන්ධන මිළ ගනන් වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »