Search

ශ්‍රී ලංකාවට එරෙහි තරඟයේදී ස්ටොයිනස් වාර්තා අතරට

ශ්‍රී ලංකාවට එරෙහි ඊයේ පැවති තරඟයේදී ඔස්ට්‍රේලියානු පිතිකරු මාර්කස් ස්ටොයිනස් පන්දු 17 කදී වාර්තා කළ අර්ධ ශතකය වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු විස්සයි 20 තරඟයකදී රැස්කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

එම තරඟයේදී මාර්කස් ස්ටොයිනස් පන්දු 18 කදී නොදැවී ලකුණු 59 ක් වාර්තා කළා.

ඒ හතරේ පහර 04 ක් සහ දැවැන්ත හයේ පහර 06 ක් සමඟයි.

ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය දැක්වුනේ සියයට 327 යි දශම 7 යි 7 ක් ලෙසයි.

එහිදී ස්ටොයිනස් වාර්තා කළ අර්ධ ශතකය විස්සයි 20 පිටියේ ලොව ඕනෑම රටක පිතිකරුවෙකු රැස්කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය ලෙසද වාර්තා අතරට එක් වුණා.

විස්සයි 20 පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ හිටපු පිතිකරු යුවරාජ් සිං.

ඒ, පන්දු 12 කදීයි.

20/20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (25) පැවැති තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 කින් පරාජයට පත්කරමිනුයි.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ තවත් තරඟයක් මෙල්බර්න්හිදී අද පැවැත්වෙනවා.

ඒ, එංගලන්ත කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතරයි.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »