Search

ලංකාවේ කැසිනෝ බද්ද කෝටි 50 දක්වා ඉහළට

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා 150%කින් වැඩි කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව පසුගිය අගෝස්තු 1 වනදා සිට එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික බද්ද එලෙස ඉහළ දමා තිබේ.

ඊට අමතරව මේ දිනවල පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහා ද බු වැඩි කිරීමේ අරමුණින් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කර ඇත.

1. කැසිනෝ සඳහා මෙතෙක් නොතිබු ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයෙකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 20ක ගාස්තුවක් අය කිරීම.

2.වෙනත් ඔට්ටු සහ සූදු සඳහා අවම වශයෙන් පහත පරිදි බදු වැඩි කර තිබේ.

* සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා,

1. රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීම.

2. පිරිවැටුම මත අය කෙරෙන 10% ක බද්ද අවම වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීම.

* ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීම.

*සජීවි නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000ක සිට රුපියල් 75,000 දක්වා වැඩි කිරීම.

මේ සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.

මීට අමතරව සුරා සහ දුම්කොළ බදු පහත පරිදි වේ.

* මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75%ක බද්දක් අයවේ.

*දුම්වැටියකින් 85%කට ආසන්න බද්දයක් අය වේ.

*අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »