Search

වසර 02 කදී ඔස්ටේ්‍රලියා නිවාස මිළ 20% කින් පහළ වැටෙනු ඇති බවට අනාවැකි

වසර 02 ක් ඇතුළතදී ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් සියයට 20 කින් පමණ පහළ වැටෙනු ඇති බවට ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරනවා.

ඒ අනුව 1980 දශකයෙන් පසු නිවාස මිළ ගණන් වැඩිම අගයකින් පහළයාම ඉදිරියේදී අපේක්ෂා කල හැකි බවටයි අනාවැකි පළවන්නේ.

ලබන වසරේ මැද භාගය පමණ වනවිට රට පුරා නිවාස මිළ ගණන් සියයට 11 කින් පමණ අඩුවනු ඇති බව සඳහන්.

විශේෂයෙන් සිඩ්නි සහ මෙල්බන් නගරවල නිවාස මිළ ගණන් මාසිකව සියයට 1.5 කින් පමණ පහළ යනු ඇති බවටද ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරනවා.

වර්තමානයේ නිවාස මිළ ගණන් සමග සැසඳීමේදී 2024 වසර වනවිට නිවාස මිළෙහි අඩුවීම සියයට 20 ක් පමණ වනු ඇති බවයි පැවසෙන්නේ.

ලබන වසර සඳහා වන ෆෙඩරල් අයවැය ඉදිරිපත් කිරීමට පැය 24 ක් වැනි කාලයක් තිබියදී මෙම තොරතුරු ප්‍රකාශයට පත් කිරීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »