තිළිණි ප්‍රියමාලිට විදෙස් ගිනුම් ඇත්දැයි සොයා විමර්ශන

බරපතළ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින තිළිණි ප්‍රියමාලිට විදෙස් ගිනුම් ඇත්දැයි සොයා විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මහබැංකුවට සම්බන්ධව ඇති වෙනම ඒකකයක් මඟින් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම ස්ථානීය පරීක්ෂණ කිහිපයක් සඳහා ඉදිරියේදී ඇය තවත් ස්ථාන කිහිපයක් වෙත රැගෙන යාමටද නියමිතයි.

මේ වන විට ඇය සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර ලබන නොවැම්බර් 02 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයේයි පසුවන්නේ.

සෝදිසි වරෙන්තු මත සැකකාර තිළිණි ප්‍රියමාලිට අයත් වත්තල පිහිටි නිවසක්, කිරුළපන පිහිටි නිවාස සංකීරණයක 12 වැනි මහලේ නිවසක් මෙන්ම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සහ කොළඹ චැතම් වීදියේ පිහිටි ගොඩනැගිල්ලක ව්‍යාපාර ස්ථාන දෙකක් පරීක්ෂාවට ලක් කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම විමර්ශනවලට අදාළ ලේඛන හා ඩිජිටල් උපාංග ද සිය භාරයට ගත් බවත් සැකකාරියගේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාර කාර්යාලයේ පරිඝනක වල තිබූ දෘඩාංග 5ක් අස්ථානගතව තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »