ගැටුම් ඇතිකර ගන්නන් NSW සූදූ පොලවලින් නෙරපීමට අලුත් වැඩක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම සූදූ මධ්‍යස්ථාන සඳහා ලබන වසරේ සිට facial recognition තාක්ෂණය ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විවිධ කළහකාරී සිදුවීම් හමුවේ කැසිනෝ ඇතුලු සූදු මධ්‍යස්ථාන වෙත ඇතුලු වීම තහණම් හෝ වළක්වා ඇති පුද්ගලයන් කෙටි කාලයකදී හඳුනාගැනීම එහි අරමුණයි.

එවැනි පුද්ගලයෙකු පැමිණ ඇති බවට හඳුනාගතහොත් වහා ආරක්ෂක අංශ දැනුවත් කර අදාළ පුද්ගලයා ඉවත් කිරීම සිදුවනු ඇති.

කෙසේවෙතත් සූදූ ක්‍රීඩා කිරීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ඡායාරූප දත්ත පද්ධති වෙත ගබඩා කිරීමට පෙර ඔවුන්ගේ අනුමැතිය ලබාගත යුතුයි.

කැසිනෝ ඇතුලු සූදු මධ්‍යස්ථානවලදී විවිධ ගැටුම් ඇතිකරගන්නා පුද්ගලයන්ට මාස 06 ත් 12 ත් අතර කාලයක් සූදු මධ්‍යස්ථාන වෙත ඇතුළත්වීම වළක්වාලීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ.

ඔවුන් විසින් ස්වයං වාරණ පණවා ගනිමින් එම තහනම් පණවා ගැනීමේ ක්‍රමයක්ද ක්‍රියාත්මකයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »