දුෂ්මන්ත චමීර හෙට තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට නෙදර්ලන්තය සමග හෙට පැවැත්වෙන A කාණ්ඩයේ අවසන් තරගය අහිමි වී තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඊයේ (18) පැවති තරගයේ දී ඔහු ආබාධයකට ලක්වීම ඊට හේතුවයි.

පාදයේ වළලුකර ආශ්‍රිතව ඇතිවූ මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට නෙදර්ලන්තය සමග පැවැත්වෙන අවසන් තරගය අහිමි වී තිබෙනවා.

ඔහුගේ ආබාධය සොයා ගැනීම සඳහා ඔහු අද උදෑසන ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතයි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයේදී ප්‍රමෝද් මධුෂාන් ද ආබාධයකට ලක්ව තිබෙනවා.

මේ අතර දනිෂ්ක ගුණතිලක ද මස්පිඬු ආබාධයන්ට ලක්ව තිබෙනවා.

ඔහු ද අද වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

ආබාධයකට ලක්ව සිටින ඩිල්ෂාන් මධුශංක වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු මේ වන විට ශ්‍රී ලංකා සංචිතයට එක්වී තිබෙනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »