
Medicare ආශ්‍රිතව සිදුව ඇතැයි පැවසෙන ඩොලර් බිලියන 08 ක පමණ මුදල් වංචාව පිළිබඳ ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ඇමති මාර්ක් බට්ලර් තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය පද්ධතිය විසින් වැය කරන සෑම ඩොලරයක්ම අයථා නොවන වියදමක් විය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
ඔහු මේ බව සඳහන් කලේ ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක් විසින් Medicare ආශ්‍රිතව වාර්ෂිකව සිදුවන ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් සිදුකර ඇති ගවේෂණාත්මක හෙළිදරව්වක් පිළිබඳ ප්‍රතිචාර දක්වමිනුයි.

දැනටමත් මියගොස් ඇති පුද්ගලයන් වෙනුවෙන් බිල්පත් නිකුත් කිරීම සහ සැබෑ වශයෙන්ම නොගත් සේවා සඳහා ගාස්තු අය කල බව දක්වමින් බිල්පත් නිකුත් කිරීමත් මෙහිදී සිදුවන බව සඳහන්.
ඒ අනුව හරහා නැවත මුදල් ලබාගැනීම තුළින් මෙලෙස ඩොලර් බිලියන ගණනක වංචා සිදුවන බවයි අනාවරණ කර ඇත්තේ.

වෛද්‍යවරුන් විසින් දැනුවත්ව මෙම වංචාව සිදුකරන බවටත් චෝදනා එල්ල වනවා.
Medicare සඳහා වසරකට වෙන් කරන ඩොලර් බිලියන 08 කට ආසන්න මුදලෙන් සියයට 30 ක් පමණ මෙම වංචාවට හසුවන බවයි ඒකාබද්ධ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ.
සෞඛ්‍ය ඇමති මාර්ක් බට්ලර් පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන්ගෙන් ඉතාම සුලු පිරිසක් දැනුවත්ව මෙම වංචාවේ නිරතවී ඇතැයි තම ස්ථාවරය බවයි.