ගොඩගැසී ඇති වීසා අයදුම්පත් වහා සළකා බලන්නැයි ඔන්ලයින් පෙත්සමක්

දැනට ගොඩගැසී ඇති වීසා අයදුම්පත් වහා සළකා බලන්නැයි මධ්‍යම රජයට බලකරමින් ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා අත්සන් තැබීම ආරම්භ වූ ඊට දින 02 ක් තුළදී අත්සන් 3000 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන්.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ සිටින අයදුම්කරුවන් මෙන්ම දැනට රටින් බැහැරව සිටින අයදුම්කරුවන් යන දෙකොට්ඨාශයටම සමාන අවස්ථා දෙමින් වහා අයදුම්පත් සළකා බලා අවසන් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

පසුගිය 06 වනදා ෆෙඩරල් රජය විසින් 189 වීසා කාණ්ඩය යටතේ 12,500 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර ඉන් බහුතරය දැනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව වාසය කරන අයදුම්කරුවන් සඳහා බව සඳහන්.

ඔස්ටේ‍රලියාවේ දැනට පවතින පුහුණු ශ්‍රමික හිගය හමුවේ 189 වීසා බලපත් වැඩි වශයෙන් ලබාදීමටයි මධ්‍යම රජය තීරණය කර ඇත්තේ.

අගෝස්තු මාසය සඳහා රැකියා වෘත්තීන් 60 කට අධික සංඛ්‍යාවක් සඳහා 189 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

2022-23 මුල්‍ය වර්ෂයට අදාළව 189 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කෙරුණු පළමු වටය මෙය වන අතර ලබන වසරේ මැයි මාසය දක්වා මෙම ආරාධනා පත්‍ර වරින් වර නිකුත් කිරීමට නියමිතයි.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »