වික්ටෝරියා නිවාස 5000 ක් තවමත් අඳුරේ / නිවාස 1000 කට හානි

weather flood rain

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස 5000 කට ආසන්න සංඛ්‍යාවක විදුලි සැපයුම තවමත් අඩාලව පවතින බවට වාර්තා වනවා.

ඉන් වැඩිම පිරිස Apollo Bay ප්‍රදේශයෙන් වන අතර Seymour, Rochester, Carisbrook, Wedderburn සහ Charlton යන ප්‍රදේශවල දහස් සංඛ්‍යාත පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසයි දන්වා ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස 500 ක් පමණ මුලුමනින්ම විනාශවී ඇති බවත් තවත් 500 ක් පමණ අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවත් අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට මේ වනවිට බලපා ඇත්තේ වසර 50 කට පමණ පසු හටගත් දරුණුතම කාළගුණ තත්වය බව සඳහන්.

අද දිනයේදී පාසල් රැසක් වසා දමා ඇති අතර දුම්රිය වාර කිහිපයක්ද අවලංගු කෙරුණා.

මෙල්බර්න් නුවරට ගෙවුනු පැය විසි හතර තුළ මිලිමීටර 155ක වර්ෂාපතනයක් මෙන්ම තස්මේනියා ප්‍රාන්තයට මිලිමීටර 400ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි මාධ්‍ය වාර්තා කළේ.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »