
ජල ගැලීම් හමුවේ පීඩා පැමින ඇති වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ආධාර කිරීමට ෆෙඩරල් රජය සුදානම් බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
තමා මේ සම්බන්ධයෙන් විකටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සමගද සාකච්ඡාවක් පැවැත්වූ බවයි ඔහු කියාසිටියේ.
වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් දැනටමත් සහන සැපයීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඊට පැය 05 ක් තුළදී ලැබී ඇති ආධාර ඉල්ලීම් සංඛ්‍යාව 2000 ඉක්මවා ගොස් තිබෙනවා.

වික්ටෝරියා පමණක් නොව නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා ප්‍රාන්තවලටද අවශ්‍ය ආධාර සැපයීමට සූදානම් බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කර සිටියේ.
විදුලිය ඇණ හිටීම් – ජල ගැලීම් – නිවාස හානි හමුවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.
