
ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ඩොලර් මිලියන 5.1 ක අලාභයක් ලබා තිබෙනවා.
අලුබඳුන – කාන්තා පන්දුවාර 50 ලෝක කුසලානය – පිරිමි පන්දුවාර 20 ලෝක කුසලානය යන තරගාවලි ජය ලබා විශාල මුදල් ත්‍යාග ලබා ඇති වාතාවරණයකදීයි මෙම පාඩුව සටහන්වී ඇත්තේ.
කොවිඩ් වසංගතය දරුණුව පැවති, ක්‍රිකට් තරගාවලි එතරම් ක්‍රීඩා නොකල 2020-21 වසරේදි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය වාර්තා කර තිබුණේ ඩොලර් 151,000 ක අලාභයක් පමණයි.

එමෙන්ම වියදම් කපා හැරීමේ පියවරක් ලෙස ගතවූ වසර 02 තුළදී සේවකයන් සැළකිය යුතු පිරිසක් ඉවත් කර ඇති පසුබිමකදී මෙවන් දැවැන්ත අලාභයක් වාර්තා කර ඇති බවද සඳහන්.
ඉදිරි තරගාවලිවලින් අනතුරුව ආදායමේ ඉහළ යාමක් පෙන්නුම් නොකලහොත් ඔස්ටේරලියා ක්‍රිකට් පරිපාලනයේ දැවැන්ත වෙනසක් සිදුකෙරෙනු ඇති බවටද වාර්තා පළවනවා.
