දින 05 හුදකලාව අදින් අවසන්

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් ආසාධිතයන්ට අදාළවන පරිදි පැවති දින 05 ක හුදකලා කාලය අද සිට මුලූමණින්ම අහෝසි වනවා.

Aged care සහ රෝහල් සේවකයන්ට කොවිඩ් ආසාධනය වුවහොත් පමණක් තවදුරටත් එම රෙගුලාසි බලාත්මක වනු ඇති.

කොවිඩ් මරණ – රෝහල්ගත වීම් – ආසාධිතයන් අඩුවීම සැළකිල්ලට ගෙන ජාතික කැබිනෙට්ටුව විසින් පසුගිය 30 වනදා මෙම තීරණය ගනු ලැබුවා.

මෙම තීරණයත් සමග කොවිඩ් ආසාධනය වී සිටියදී පවා රැකියා කිරීමට හෝ වෙනත් සාමාන්‍ය කටයුතුවල නිරතවීමට ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට අවස්ථාව උදා වනවා.

මේ අතර කොවිඩ් රෙගුලාසි ලිහිල්වීමත් සමග කොවිඩ් ආසාධනය වී හුදකලාව සිටින්නන් සඳහා ගෙවනු ලැබූ දීමනාවද අද සිට අවසන් වනවා.

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »