බාලවයස්කරුවන්ට spit hoods යෙදීම අත්හිටුවයි

පොලිස් භාරයේ සිටින බාලවයස්කරුවන්ට මුලු මුහුණම ආවරණය වන spit hoods යෙදීම අත්හිටුවීමට Northern Territory ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

එහි බන්ධනාගාරවල තරුණයන් වෙනුවෙන් ඒවා භාවිතය නතර කෙරුණේ මීට වසර 05 කට ඉහතදීයි.

බන්ධනාගාරවල හෝ පොලිස් භාරයේ සිටින රැඳවියන් විසින් නිළධාරීන්ට කෙළ ගැසීම වළක්වාලීම සඳහායි spit hoods යොදාගනු ලබන්නේ.

කෙසේවෙතත් ළමුන් සඳහා ඒවා යොදාගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට ඔස්ටේ්‍රලියාව තුළ දැඩි කථාබහක් නිර්මාණය වි තිබෙනවා.

spit hoods භාවිතය අත්හිටුවීමත් සමග පොලිස් නිළධාරින්ගේ සෞඛ්‍යාරක්ෂව වෙනුවෙන් PPE හෙවත් පුද්ගලික ආරක්ෂණ ඇඳුම් කට්ටල යොදාගැනීමටයි Northern Territory පොලිස් නිලධාරීන් සැළසුම් කර ඇත්තේ.

එමෙන්ම වැඩිහිටි රැඳවියන් සඳහා තවදුරටත් spit hoods භාවිත කෙරෙන බවද ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.

මේ අතර සියලු බන්ධනාගාරවල සියලු රැඳවියන් සඳහා spit hoods භාවිතය අත්හිටුවන පළමු ප්‍රාන්තය බවට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය ලබන වසරේදි පත්වීමට නියමිතයි.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »