Search

මෙල්බන් ස්ථාන ගණනාවක් ජලයෙන් යටවෙයි

දැඩි වර්ෂාව හේතුවෙන් මෙල්බන් නගරයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යටවී තිබෙනවා.

බොහෝ ස්ථානවලට මිලිමීටර් 25 ඉක්මවු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාළගුණ අංශ කියාසිටියේ.

මාර්ග රැසක් ජලයෙන් යටවීම හමුවේ වාහන ගමනාගමනයටද බාධා මතුවී තිබෙනවා.

පොලිසිය සහ ආපදා අංශ රියදුරන්ට දන්වා සිටින්නේ රිය ධාවනයේදී වඩාත් අවධානය යොමුකරන ලෙසයි.

අද රාත්‍රී කාලයේදීත් මෙල්බන් නගරයේ ස්ථාන රෑසකට අධික වර්ෂා – සුළං සහ කුණාටු තත්වයක් ඇතිවිය හැකි බව කාළගුණ නිවේදනයේ සඳහන්.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »