වික්ටෝරියා වෛද්‍යවරුන්ගේ බදු අඩු කරන්නැයි ඉල්ලීමක්

ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී කවරෙකු ජයගත්තද වෛද්‍ය වෘත්තියට අදාල ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය දිය යුතු බව ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම වෛද්‍ය සංගමය පවසනවා.

Australian Medical Association (AMA) හෙවත් ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සම්මේලනයේ වික්ටෝරියා ශාඛාව අවධාරණය කරන්නේ වත්මන් ඩැනියල් ඇන්ඩෲස් රජය විසින් ඩොලර් බිලියන ගණනක මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමට වෙන් කර ඇති බවයි.

කෙසේවෙතත් දරුණු සේවක හිගය මගහරවාලීම සඳහා ගත යුතු තවත් පියවර ගණනාවක් පවතින බවයි ඔවුන් විසින් සියලු දේශපාලන පක්ෂ වෙත යොමු කර ඇති ලිපියක දැක්වෙන්නේ.

වෛද්‍යවරුන්ට අදාළවන පරිදි පණවා ඇති ඇතැම් බදුවලින් ඔවුන් නිදහස් කරන්නැයිද ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සම්මේලනය වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටිනවා.

මානසික සෞඛ්‍ය නගා සිටුවීම සඳහා අමතර ප්‍රතිපාදන වෙන් කිරීමේ වැදගත්කමද මෙම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකෙහිම ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුව වී ඇත්තේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »