වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 කට අනතුරු ඇගවීමක්

වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් යන ප්‍රාන්ත 03 සඳහා ඉදිරි පැය 24 තුළදී අයහපත් කාළගුණ තත්වයක් පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ අනුව වැසි – ගිගුරුම් සහිත වැසි – තද සුළං – ජලගැලීම් හෝ ටෝනේඩෝ තත්වයන් පැවතියි හැකියි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට පැවති ධාරාණිපාත වර්ෂාව හමුවේ මේ වනවිටත් ජල ගැලීම් තත්වයන් හටගෙන ඇති බවයි කාළගුණ අංශ නිවේදනය කලේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකට අද දිනය තුළදී වැසි හෝ ගිගුරුම් සහිත කුණාටු තත්වයන් හටගත හැකියි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයටද සති අන්තය පුරා අයහපත් කාළගුණ තත්වයක් අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

වසර 72 කට පසු සිඩ්නි නගරයට වසරකදී ලැබුණු වැඩිම වර්ෂාපතනයද මෙම වසරේ සටහන්වූ බව ඊයේ නිල වශයෙන් නිවේදනය කෙරුණා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »