
ඔස්ටේ්‍රලියාවේ නිවාස කුළී අගයන් කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය ජූනි මාසය හා සැසඳීමේදී එහි ඉහළයාම සියයට 4.3 ක් බව සඳහන්.
මේ අනුව සාමාන්‍ය කුළී නිවසක සතියක කුළියේ සාමාන්‍ය අගය මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 480 ක් ලෙසයි.

ප්‍රධාන නගර සැළකීමේදී වැඩිම වර්ධනය පෙන්නුම් කර ඇත්තේ මෙල්බන් නගරයේ වන අතර එය සියයට 3.5 ක්.
ප්‍රාදේශීය කලාපවල නිවාස කුළියේ වැඩිවීමක් පසුගිය මාස 03 දි වාර්තා වී නොමැති නමුත් පසුගිය වසර හා සැසඳීමේදී කුළී අගයන්හි වැඩිවීම සියයට 12.5 ක් ලෙස සටහන් වනවා.
