Search

ඔස්ටේ්‍රලියානු වාහන සඳහා R plate නමින් නව වාහන පුවරුවක්

ඔස්ටේ්‍රලියානු වාහන සඳහා R plate නමින් නව වාහන පුවරුවක් හඳුන්වා දී තිබෙනවා.

R plate හෙවත් Return Plates වෙන් කර ඇත්තේ මානසික ගැටලු හමුවේ දිගු කාලයක් රිය ධාවනයෙන් ඉවත්ව සිට නැවත රිය ධාවනයට පැමිණි රියදුරන් පිළිබඳ අනෙකුත් රියදුරන් දැනුවත් කිරීම සඳහායි.

ඒ අනුව එවැනි රියදුරන්ට මාර්ගයේදී එල්ලවන පීඩනය අවම වනු ඇතැයි අපේක්ෂිතයි.

විවිධ මානසික ගැටලු හමුවේ පීඩා විඳි පුද්ගලයන් 1000 ක් පමණ යොදාගනිමින් සිදුකල අධ්‍යයනයක් අනුවයි මෙම නව පුවරුව හඳුන්වා දී ඇත්තේ.

ඊට සහභාගීවූවන් අතුරින් සියයට 73 ක් සඳහන් කර තිබුණේ තමන් කුමන හෝ රිය අනතුරකට මුහුණ දුන් බවයි.

නැවත රිය අනතුරකට මුහුණ දෙනු ඇති බවට බියකින් පසුවූ ප්‍රතිශතය සියයට 20 ක් ලෙස පැවති තිබෙනවා.

නව R පුවරුව QR කේතයකින්ද සමන්විත වීම විශේෂත්වයක්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »