ඔස්ටේ්‍රලියානු ඉතිහාසයේ නියම කෙරෙන ඉහළම වන්දිය ඔප්ටස් ට ?

දත්ත සොරාගැනීමේ සිද්ධිය පදනම් කරගනිමින් ඔප්ටස් සමාගමට එරෙහිව නඩු පැවරීමට නීතීඥ සමාගම් කිහිපයක් තීරණය කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු ඉතිහාසයේ සමාගමකට නියමවන ඉහළම වන්දිය ඒ අනුව ඔප්ටස් සමාගමට ගෙවීමට සිදුවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ නඩුවකදී නියමවී ඇති වැඩිම වන්දිය වන්නේ ඩොලර් මිලියන 500 ක මුදලක්.

2009 කලු සෙනසුරාදා ලැවි ගිනි හමුවේ දේපළ සහ ජීවිත හානි සිදුවූ ඔස්ටේ්‍රලියානුවන් 10,000 ක් වෙනුවෙන් එම මුදල් පිරිනමනු ලැබුවා.

අදාළ නීතීඥ සමාගම් පෙන්වා දෙන්නේ ඔප්ටස් සමාගම සයිබර් ප්‍රහාරයකට ගොදුරුවූ පළමු අවස්ථාව මෙය නොවන බවයි.

මීට ඉහත අවස්ථාවකදීත් ඔවුන් මෙවැනි අත්දැකීමකට මුහුණදී ගණුදෙනුකරුවන් 50,000 කගේ පමණ දත්ත සොරාගැනීමට ලක්ව ඇතැයිද සඳහන්.

එහෙත් කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය කිරීමට ඔප්ටස් සමාගම අපොහොසත්ව ඇති බවටයි නීතීඥ සමාගම් චෝදනා කරන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »