IS සටන්කාමීන්ගේ බිරින්දෑවරුන් සහ ළමුන් ඔස්ටේ්‍රලියාවට

සිරියාවේ රැඳවුම් කඳවුරුවල සිටින අයි එස් සටන්කාමීන්ගේ බිරින්දෑවරුන් සහ ළමුන් ඔස්ටේ්‍රලියාවට රැගෙන ඒමට තීරණය වී තිබෙනවා.

2019 වසරේදී අයි එස් බලය බිඳීයාමත් සමග එරට රැඳවුම් කඳවුරුවල රඳවා සිටින කාන්තාවන් ගණන 20 ක් වන අතර ඔවුන්ගේ ළමුන් 40 දෙනෙකුද එම කඳවුරු තුළ සිටින බවද සඳහන්.

ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කර ගැනීම සඳහා ඔස්ටේ්‍රලියානු බළධාරීන් මෙම වසර ආරම්භයේදී සිරියාවට ගොස් තිබූ බවයි අනාවරණ වන්නේ.

අයි එස් සංවිධානය සමග සම්බන්ධවූ ඔස්ටේ්‍රලියා ජාතික තරුණයන්ගේ බිරින්දෑවරුන් සහ ළමුන් මෙලෙස ගෙන්වා ගැනීමට නියමිතව තිබෙනවා.

සිරියාවේදී ඔවුන්ට නිසි පරිදි ආරක්ෂාවක් නොලැබෙන බවට තහවුරුවීම හේතුවෙනුයි නැවතත් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීමට තීරණය වී ඇත්තේ.

ඉදිරි මාස කිහිපය තුළදී එය ආරම්භ වනු ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනිල් සඳහන් කලේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »