Bridging වීසාලාභීන් 06 ගුණයකින් ඉහළට

ඔස්ටේ්‍රලියාවේ bridging වීසා ලාභීන් සංඛ්‍යාව 333,357 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නවතම වාර්තාවක දැක්වෙන්නේ 2014 දී එය 60,795 ක් වැනි පහළ අගයක පැවති බවයි.

මෙරට ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් bridging වීසා මත සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඒ අනුව හය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.

887 හෙවත් skilled regional වීසා අයදුම්පතක් සලකා බැලීමට 2018 වසරේදී ගතවී ඇති කාලය මාස 10 ක් පමණ වුණා.

එහෙත් 2018 න් පසු එම කාලය දෙගුණයකට වඩා ඉහළගොස් ඇති බව මෑතකදී නිකුත්වී ඇති වාර්තාවක සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින 887 skilled regional වීසා අයදුම්පත් ලාභීන් විශාල පිරිසක් පසුගිය සති අන්තයේ ස්ථාන රැසක විරෝධතා පවත්වනු ලැබුවා.

තම වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙසයි ඔවුන් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටියේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »