Coles සහ Woolworths භාණ්ඩ රැසක මිළ යළි පහළ දමයි

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල 02 ක් වන Coles සහ Woolworths විසින් භාණ්ඩ රැසක මිළ ගණන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ලබන බදාදා සිට භාණ්ඩ වර්ග 150 කට වැඩි සංඛ්‍යාවක් සියයට 10-40 ත් අතර අගයකින් කපා හැරීමටයි Coles සැළසුම් කර ඇත්තේ.

එම මිළ ගණන් ලබන ජනවාරි මාසය දක්වා පවත්වා ගෙන යාමටද ඔවුන් තීරණය කර තිබෙනවා.

භාණ්ඩ වර්ග 400 ක පමණ මිළ අඩු කිරීමට Woolworths ද සැළසුම් කර ඇති බව සඳහන්.

නොවැම්බර් 29 වනදා තෙක් එම මිළ අඩු කිරීම් බලාත්මක වනු ඇති.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් මේ අතර වන බව Coles සහ Woolworths නිවේදනය කලා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »