සෞඛ්‍ය වියදම් ගැන වික්ටෝරියා පක්ෂ හැප්පෙයි

එළඹෙන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර ලේබර් පක්ෂය සහ ලිබරල් සන්ධානය අතර චෝදනා එල්ල කර ගැනීම ඉහළ ගොස් තිබෙනවා.

මෙවර මැතිවරණයේදී සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමුවී ඇති බැවින් එම කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මතවාදවල ඉහළයාමක් දක්නට ඇති බව සඳහන්.

ගතවූ කාල සීමාව තුළ පාලක ලේබර් පක්ෂය අනවශ්‍ය ව්‍යාපෘති රැසක් සඳහා මුදල් නාස්ති කර ඇති බවටයි වික්ටෝරියා විපක්ෂ නායක මැතිව් ගයි ඊයේ චෝදනා කලේ.

ඒ අනුව තමන් බලයට පත්වුවහොත් මින් ඉදිරියට රාජ්‍ය ණය ගැනීම් සඳහා සීමා පැණවීමට බලාපොරොත්තු වන බවද ඔහු කියාසිටියා.

කෙසේවෙතත් පොරොන්දු දී ඇති පරිදි කිසිදු සෞඛ්‍ය ව්‍යාපෘතියක් අහෝසි කිරීමට අපේක්ෂාවක් නැතැයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් අවධාරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රාන්තවාසීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ලේබර් පක්ෂය ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »