
සැහැල්ලු ගුවන් යානා නඩත්තුවට සහ වැඩි දියුණු කිරීමට ඩොලර් මිලියන 100 කට වැඩි මුදලක් වියදම් කිරිම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට දැඩි චෝදනාවක් එල්ල වනවා.
පසුගිය වසරේදී නව ගුවන් යානා 07 ක් මිළදී ගෙන ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ.
කෙසේවෙතත් දේශපාලනඥයන්ගේ ගමන් බිමන් සඳහා පමණක් මෙම ගුවන් යානා යොදාගෙන ඇති බවට වන චෝදනා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තරයේ බැහැර කරනවා.

ආපදා සහන සේවා මෙන්ම හදිසි වෛද්‍ය ප්‍රතිකාර වැනි දෑ සඳහාද මෙම ගුවන් යානා යොදාගන්නා බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
ගතවූ මාස 18 ක කාලය තුළදී පමණක් හදිසි සැත්කම් සඳහා රෝගීන් ප්‍රවාහන කටයුතු වෙනුවෙන් අවස්ථා 100 කදී පමණ මෙම ගුවන් යානා භාවිත කල බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සඳහන් කර තිබෙනවා.
