ලාංකික හඩ වික්ටෝරියා පාර්ලිමේන්තුවට ගෙන යන ගමන ඇරඹෙයි

MALIK ZAVEER

ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් ලේබර් පක්ෂයෙන් තරග වදින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මලික් සzවීර් ඊයේ (02) සිය ප්‍රධාන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා.

ඊට සමගාමීව ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළි දැක්වීම සිදුකෙරුණා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ෆෙඩරල් රජයේ සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය දරන ඇන්ඩෲ ගයිල්ස්.

උත්සවයෙන් අනතුරුව Ausලංකා TV සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මලික් සzවීර් සඳහන් කලේ වික්ටෝරියා මැතිවරණයට බෙරික් ආසනය ඇතුලු තදාසන්න ප්‍රදේශ නියෝජනය කරමින් තමන් තරග වදින බවයි.

ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඉටු කල යුතු සේවා රැසක් තමන් විසින් දැනටමත් සැළසුම් කර අවසන් බවද ඔහු කියාසිටියා.

ලාංකිකයන් පමණක් නොව තවත් ජන වර්ග රැසක් මෙම කලාපය නියෝජනය කරන බැවින් ඔවුන් සියලු දෙනාගේ අවශ්‍යතා තමා හොඳින් වටහාගෙන ඇති බවයි මලික් සzවීර් Ausලංකා TV වෙත පවසා සිටියේ.

ප්‍රජා නායකයන් සමග එක්ව ක්‍රීඩා පහසුකම් වැඩි දියුණු කිරීම හා ලාංකික වෙළඳසැල් නංවාලීම වැනි සියලු දෑ සඳහා තමන් උපකාර කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියාසිටියා.

මෙම අවස්ථාවට වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් විශේෂ ප්‍රභූන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

සුප්‍රකට ව්‍යාපාරිකයෙකු ලෙස සැළකෙන මලික් සzවීර් හිටපු සිංහාධිපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ඔස්ටේ්‍රලියානු නියෝජිත ලෙසද ඔහු කටයුතු කරනු ලබනවා.

ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකික ප්‍රජාව අතුරින් විශාල පිරිසකට රැකියා සැපයීමෙහි ලා ප්‍රමුඛත්වයක් ගෙනද ඔහු කටයුතු කර තිබෙනවා.

මලික් සzවීර් ගේ ජයග්‍රහණය වෙනුවෙන් Ausලංකා TV අපිද සුභ පැතුම් පිරිනමන්නෙමු.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »