හුදකලා කාලය ඉවත් කිරීම ගැන Hospitality සේවක ප්‍රසාදය

කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් සඳහා බලාත්මකව පැවති අනිවාර්ය හුදකලා කාලසීමාව ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් Hospitality අංශයේ සේවකයන් ප්‍රසාදය පළකරනවා.

ආශ්‍රිතයෙකු බවට පත්වුවද රැකියාවට පැමිණීමෙන් වැළකී සිටීමට පැවති බාධක ඉන් ඉවත් වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මේ දක්වා දින 05 ක් ලෙස පැවති හුදකලා කාල සීමාව ලබන 14 වනදා සිට මුලුමනින්ම අහෝසි කිරීමටයි ජාතික කැබිනට්ටුව පසුගිය සිකුරාදා දිනයේදී තීරණය කලේ.

කෙසේවෙතත් ඒ ස්මබන්ධයෙන් මේ වනවිට මිශ්‍ර ප්‍රතිචාර පළවෙමින් පවතිනවා.

වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ හුදකලා කාලය මුලුමනින්ම අහෝසි නොකර ක්‍රම ක්‍රමයෙන් අඩු කෙරුණේ නම් වඩාත් යෝග්‍ය බවයි.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »