Optus සයිබර් ප්‍රහාරය නිසා Medicare කාඩ් එකටත් වෙනසක්

ඔප්ටස් සමාගමේ දත්ත සොරා ගැනීමේ සිදුවීම හමුවේ බලපෑම් එල්ලවූ ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ ගණනකට අලුතින් කාඩ්පත් නිකුත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

කාඩ්පත් අංකද සයිබර් ප්‍රහාරකයන් විසින් සොරාගෙන ප්‍රසිද්ධියට පත් කිරීම ඊට හේතුවයි.

කොපමණ පිරිසක් එලෙස බලපෑමට ලක්ව ඇති දැයි මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කලා.

මේ අතර බලපෑමට ලක්වූවන්ට අලුතින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම කෙරෙහිද අවධානය යොමුවී ඇතැයි ප්‍රාන්ත රජයන් ඊයේ නිවේදනය කලා.

ඒ අනුව රියදුරු බලපත් ඉල්ලුම් කිරීමද ඉහළයාමක් නිරීක්ෂණය වන බව සඳහන්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »