ගිනි ගැනීමේ අවධානමක් – Hyundai මෝටර් රථ 9000 ක් ආපසු කැඳවයි

ගිනි ගැනීමේ අවධානමක් හේතුවෙන් Hyundai වර්ගයේ මෝටර් රථ 9000 ක් පමණ ආපසු කැඳවා තිබෙනවා.

2015 සහ 2017 අතර කාලයේදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථ මෙලෙස කැඳවා ඇති බව සඳහන්.

ගරාජයක් වැනි ආවරණය කරන ලද ස්ථානවලදී වාහනය නතර කර තැබීමෙන් ගිනි ගැනීම් ඇතිවිය හැකි බවද එබැවින් එළිමහන් විවෘත ස්ථානයක වාහනය නතර කර තබන ලෙසත් අදාළ වාහන හිමියන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම වාහනයේ එන්ජිමේ දෝෂයක් ඇතැයි පෙන්නුම් කලහොත් වහා අදාළ වාහන නියෝජිතයා දැනුවත් කරන ලෙසයි Hyundai  සමාගම විසින් පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ.

පසුගිය වසරේදීත් මෙවැනිම දෝෂයක් හමුවේ වාහන 93,000 ක් පමණ ආපසු කැඳවනු ලැබුවා.

එම සියලු වාහන 2020 වසරේ නොවැම්බර් මාසය දක්වා අලෙවි කරන ලද ඒවායි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »