ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අපරාජිත වාර්තාව ආරක්ෂා කර ගනී

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ අපරාජිත වාර්තාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද නැවතත් සමත්වුණා.

ඒ බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව ළකුණු 70 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත් වුණා.

තිලකරත්න දිල්ශාන් පන්දු 30කදී ලකුණු 51ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

මහේල උඩවත්ත පන්දු 27කදී ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමගයි.

සනත් ජයසූරිය පන්දු 25කදී ලකුණු 37ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල බංගලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී ලබාගත්තේ ළකුණු 143 ක් පමණයි.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »