Search

ඔස්ටේ්‍රලියාවට එන සරණාගතයන්ට දකුණු ඔස්ටේ්‍රලියාවෙන් නිවහනක්

සරණාගතභාවය පතා ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් නව ආරක්ෂිත මධ්‍යස්ථානයක් දකුණු ඔස්ටේ්‍රලියාවේදී ඉදි කිරීමට යෝජනා වී තිබෙනවා.

රටට පැමිණි වහා ඔවුන්ට ඉඳුම් හිටුම් සපයා ගැනීමට ඇති අසීරුතාවය සැළකිල්ලට ගෙනයි මෙම පියවර ගෙන ඇත්තේ.

පැරණි aged care මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් මේ අනුව සරණාගත මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරෙන අතර සරණාගතයන් 39 දෙනෙකුට සති 06 ක කාලයක් එහි ගත කල හැකියි.

සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයන් දැනට හෝටල් වෙත යොමු කිරිමත් ඊට විශාල මුදලක් වැයවීමත් සැළකිල්ලට ගෙනයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අතර සරණාගතයන් වෙනුවෙන්ම ඩොලර් මිලියන 177 ක වියදමින් නව නිවාස 400 ක් ඉදි කිරීමට ද දකුණු ඔස්ටේ‍රලියා ප්‍රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »